කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට (06) දිනය සඳහා වලංගු වන පරිදි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු - මැද පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල හෙට (06) උණුසුම් දර්ශකය එමන් මිනිස් සිරුරට දැනෙන උණුසුම 'අවධානය යොමු කළ යුතු' පැවතිය හැකි බවයි.
එමෙන්ම එම ප්‍රදේශවල ජනතාවට විමසිලිමත් වන ලෙසද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)
