23 October 2025

logo

අද ප්‍රදේශ රැසකට පැය 9 කට ආසන්න කාලයක ජල කප්පාදුවක්



අද (16) පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ වෙනුවෙන් පැය 8යි විනාඩි 30ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා.

එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිටුවන බවයි.

ඒ අනුව පෙවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

සපුගස්කන්ද විදුලි උපපොළෙහි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජලපවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවීමට සිදුවීම නිසාවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.
(Colombotimes.lk)