මෙම ප්‍රහාරය දියත් කළේ 'සහෝදර' කටාර් රාජ්‍යයට එරෙහිව නොවන බව ඉරාන ආරක්ෂක කවුන්සිලය නිවේදනය කළා.
අල් උඩෙයිඩ් ගුවන් කඳවුරට සුලු මොහොතකට පෙර එල්ල වූ මිසයිල ප්‍රහාරය කටාර්හී නේවාසික ප්‍රදේශවලින් ඈත්ව සිදු වූ බව ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
'මෙම ක්‍රියාව මිත්‍රශීලී සහ සහෝදර රට වන කටාර් රාජ්‍යයට සහ එහි උතුම් ජනතාවට කිසිදු තර්ජනයක් නොවන අතර, ඉරාන ඉස්ලාමීය ජනරජය කටාර් රාජ්‍යය සමඟ උණුසුම් හා ඓතිහාසික සබඳතා පවත්වා ගැනීමට සහ අඛණ්ඩව පවත්වාගෙන යාමට කැපවී සිටී,” යනුවෙන් එහි වැඩි දුරටත් සඳහන්.
කෙසේවෙතත් කටාර් රාජ්‍යය මෙම ප්‍රහාරය හෙළා දුටුවේ එහි ස්වෛරීභාවය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් ලෙසයි.
(colombotimes.lk)