colombotimes.lk
සිංහල | English

30 April 2024

කාලගුණය අවුන් සාන් සුකීව නිවාස අඩස්සියට යවයි



මියන්මාරයට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් බන්ධනාගාරගත කර සිටින අවුන් සාන් සුකීව නිවාස අඩස්සියට පත් කර ඇතැයි එරට හමුදා රජයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් සෝ මින් තුන් පැවසුවා.

දැඩි උෂ්ණත්වය හේතුවෙන් 78 වැනි වියේ පසුවන ඇය රෝගාතුර විය හැකි නිසා මෙම තීරණය ගත් බව මේජර් ජෙනරාල් සෝ ප්‍රකාශ කළා.

එමෙන්ම මහලු වයසේ සිටින සියලුම සිරකරුවන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව සැළකිලිමත් බවත් එම සිරකරුවන් දැඩි උෂ්ණත්වය හේතුවෙන් රෝගාතුරවීම වැළැක්වීම සඳහා දැනටමත් ක්‍රියා මාර්ග ගැනීම ආරම්භ කර ඇති බවත් මේජර් ජෙනරාල්වරයා පවසනවා.

නමුත් අවුන් සාන් සුකී නිවාස අඩස්සියට පත් කිරීම සඳහා රැගෙන ගිය ස්ථානය ප්‍රසිද්ධ කිරීමෙන් මේජර් ජෙනරාල් සෝ මින් තුන් වැළකී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


(colombotimes.lk)