කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත් සඳහා බලපැවැත්වෙන පරිදි තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ නිවේදනය අද (20) පෙ.ව. 10.00 සිට හෙට (21) පෙ.ව. 10.00 වන තෙක් වලංගු වන බවයි.
දිවයින හරහා පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60ක පමණ තද සුළං ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලද විටින් විට හමන පැයට කිලෝමීටර් 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)