26 July 2025

logo

කාලගුණය දරුණු වෙයි - ප්‍රදේශ කිහිපයකට තද වැසි



බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව සබරගමු පළාතට සහ මහනුවර නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මිලිමීටර 75 ඉක්මවූ තද වැසි ඇති හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

පවතින වර්ෂාපතනයත් සමඟ කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑමේ අවදානමක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. 
(colombotimes.lk)