18 October 2025

logo

මෝඛා ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්



'මෝඛා' සුළි කුණාටුව පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

අද (15) පෙරවරු 5.30ට එම නිවේදනය නිකුත් කර අත්තේ, බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ක්‍රියා කරන බහුදින ධීවර යාත්‍රා සඳහායි.

ඊසාව දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ස්ථානගතව පැවැති 'මෝඛා' අතිශය චණ්ඩ කුණාටුවක් ඊයේ (14) දහවල් කාලයේදී ගිනිකොනදිග බංග්ලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය ආසන්නයේ ගොඩ බිමට ඇතුළු වී තිබුණා.

ඉදිරි පැය 24 තුළදී එය පීඩන අවපාතයක් සහ අඩුපීඩන කලාපයක් දක්වා දුර්වල වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
(colombotimes.lk)