පසුගිය සති 03 තුළ පමණක් සංචාරකයන් 120,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එම අධිකාරිය සඳහන් කළේ ඔක්තෝබර් මස 23වන දින වන විට සංචාරකයන් 119,670දෙනෙක් මෙරටට පැමිණ ඇති බවයි.
ඒ අනුව මේ වසරේ ගත වූ කාලය තුළ සංචාරකයන් 1,845,164දෙනෙක් මෙරටට පැමිණ තිබෙනවා.
සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයන්ගේ එකමුතුව සඳහන් කළේ මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ඉහළ යාමක් දක්නට ලැබුණ ද සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට බලධාරීන් කටයුතු කර නොමැති බවයි.
සංචාරක කර්මාන්තයේ පහසුකම් වැඩිදියුණු කිරීම සදහා ක්‍රමවත් වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කළ යුතු බව එහි සභාපති සමීර සේනක ද සිල්වා සඳහන් කළා.
(colombotimes.lk)
