09 January 2026

logo

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම පිරිමි ක්‍රීඩකයා නම් කරයි



ඉන්දියාවේ රාංචි හී පැවති 4වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලාංකික හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග දක්ෂතම පිරිමි ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. 

පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කීමට රුමේෂ් තරංග ඊයේ (26) සමත් වුණා. 

ඒ මීටර් 84.29ක දුරක් හෙල්ල විසි කරමින්.

(colombotimes.lk)