06 February 2026

logo

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්



ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. 

එම නිවේදනයේ සඳහන් වන්නේ වයඹ, ඌව, මධ්‍යම, සබරගමුව පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.
 
එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. 

(colombotimes.lk)