06 February 2026

logo

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු ඇතිවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, රත්නපුර සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු අනතුරු ඇතිවිය හැකි බවයි. 

එම නිසා අකුණු අනතුරු අවම කරගැනීම සඳහා පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දී තිබෙනවා. 

(colombotimes.lk)