07 December 2025

logo

කාලගුණයෙන් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වැසි සමඟ ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් අද (07) නිකුත් කර තිබෙනවා.

ඒමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අත්ගම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



(colombotimes.lk)