කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු - මැද, වයඹ, දකුණ, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත් වවුනියා දිස්ත්‍රික්කයේත් අද (07) ඇතැම් ස්ථානවල පස්වරු 1.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)
