26 October 2025

logo

වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු කොටුවෙයි



වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයෙක් අද (26) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මහරගම නාවින්න ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගත් බවයි.  
  
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

ඒ සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ ද සහාය ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)