24 August 2025

logo

රනිල් වික්‍රමසිංහ තැබූ මේ වාර්තා ගැන දැනගෙන සිටියද?



ශ්‍රී ලංකාවේ 8වන විධායක ජනාධිපති ලෙස ධුරයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ලබන 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (23) නියෝග කළා. 

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර විසින්.

පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගෙන ඇති බව කියන සිදුවීමකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. 

2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 දිනවල සිදු කළ මෙම සංචාරය සඳහා රනිල් වික්‍රමසිංහ සමඟ පුද්ගලයන් දස දෙනෙක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ. 

මෙරට ඉතිහාසයේ වැඩිම වතාවක් විපක්ෂනායක ධූරය සහ අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ පුද්ගලයා ලෙස රනිල් වික්‍රමසිංහ වාර්තා වනවා. 

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට පොලිස් අත්අඩංගුවට පත් හිටපු ජනාධිපතිවරයා වන්නේද ඔහුයි. 

එමෙන්ම මෙරට ඉතිහාසයේ හිටපු ජනාධිපතිවරයෙක් රක්ෂිත බන්ධාගාරගත කළ පළමු අවස්ථාව ද මෙය බවයි වාර්තා වන්නේ.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ තැබූ වාර්තා ගැන සවිස්තරව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.



(colombotimes.lk)