ස්ථාන මාරු ලේඛනයට විරෝධය පළ කරමින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් බස්නාහිර පළාත් සභා රෝහල්වල ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා.
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කළේ ඊයේ (22) බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කැඳවූ රැස්වීමේදී එලඹි තීරණ අනුව සිය වෘත්තිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බවයි.
ඒ අනුව ස්ථාන මාරු නියෝගයට අදාළ ගැටලු විසඳීම් සඳහා ඉතා කඩිනම් පළාත් සෞඛ්‍ය බලධාරීන් සහිත රැස්වීමක් කැඳවමින් අවසන් තීරණය ලබා ගන්නා තුරු සියලු නිලධාරීන් සුපුරුදු සේවා ස්ථාන වල සේවයට වාර්තා කිරීමට එහිදී තීරණය කර තිබෙනවා.
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කළේ වෘත්තීය ක්‍රියාමාර්ගය පැවති කාලය තුළදී සේවාවන් ලබාගත නොහැකිව අපහසුතාවට පත් වූ රෝගීන් සියලුමදෙනාට තමාට පහසු ආසන්නතම දිනයකදී නැවත රෝහලට පැමිණ අදාළ සේවාවන් ලබාගැනීමට හැකි වන අයුරින් පහසුකම් සපයා ඇති බවයි.
(colombotimes.lk)