13 June 2026

logo

ට්‍රම්ප්ගේ තීරණයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට සිදු වූ දේ



ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල කිරීමට නියමිත ප්‍රහාර සඳහා ලබාදී තිබූ කාලසීමාව දින 10ක් දක්වා දීර්ඝ කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි යම් අඩුවීමක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.5%කින් පහත වැටී ඇති අතර එහි නව මිල වාර්තා වුණේ ඇමරිකානු ඩොලර් 93.07ක් ලෙසයි.

එමෙන්ම ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.8%කින් පහත වැටී ඇති අතර එහි නව මිල ඇමරිකානු ඩොලර් 106.12ක් ලෙස සටහන් වී තිබෙනවා.

(colombotimes.lk)