17 December 2025

logo

Twitter ප්‍රතිවාදී Threads යෙදුමට දින 7ක් තුළ සිදු වූ දේ



Twitter ප්‍රතිවාදී Threads යෙදුමට දින 7ක් තුළ එහි ක්‍රියාකාරී පරිශීලකයන්ගෙන් අඩක් අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

Mark Zuckerberg ගේ Meta සමාගම විසින් නිර්මාණය කරන ලද Twitter හි නව තරගකරු Threads, එය දියත් කිරීමෙන් පසු කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කර ගත්තා. 
 
එය මිලියන 100 කට අධික පරිශීලකයින් ඉක්මවා ගිය අතර මෙතෙක් වේගයෙන් වර්ධනය වූ යෙදුම බවට පත් වූ බව සඳහන්. 
 
කෙසේ වෙතත්, නව වාර්තාවකින් ඇඟවෙන්නේ එය දියත් කළ විට එකතු වූ පරිශීලකයන් හා සසදන විට ඉන් අඩකින් භාවිතය පහත වැටී ඇති බවයි. 
 
Data-traking site Similar Web හි වාර්තාවට අනුව සතියක් තුළ දෛනික ක්‍රියාකාරී පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 49 සිට මිලියන 23.6 දක්වා පහත වැටී තිබෙනවා. 
 
එමෙන්ම ලියාපදිංචි වීමට ඉක්මන් වූ පුද්ගලයින් නිතිපතා ක්‍රියාකාරී නොවන බව ද සඳහන්.
(colombotimes.lk)