WhatApp භාවිතා කරන්නන් දහස් ගණනකට සිය WhatsApp ගිණුම් හරහා පණිවිඩ යැවීමට නොහැකි වී තිබෙනවා.
ඊයේ සවස 4න් පසුව මෙය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් WhatsApp භාවිතා කරන්නන් අපහසුතාවයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම ඔවුන් අනෙක් සමාජ මාධ්‍ය ජාල හරහා තම WhatsApp ගිණුම ක්‍රියා විරහිත වී ඇති බවටද සඳහන් තබා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පැමිණිලි 150,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවද සඳහන්.
ඒ අනුව මෙම දෝෂය යාවත්කාලීන කිරීමට පියවර ගත් බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් WhatsApp ආයතනය නිවේදනය කළේ.
(colombotimes.lk)