24 January 2026

logo

ඇමරිකාවේ තීරණයෙන් ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැවැන්ත බලපෑමක්?



ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන සම්පත් දායකයා වූ ඇමරිකාව නිල වශයෙන් එහි සාමාජිකත්වයෙන් ඉවත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි පදවි ප්‍රාප්තිය සිදු වූ පසුගිය වසරේ ජනවාරි 20වනදා අත්සන් තැබූ විධායක නියෝගයකට අනුව මෙලස එහි සාමාජිකත්වයෙන් ඇමරිකාව ඉවත් වී ඇති බවයි.

කොවිඩ් -19 වසංගතය පාලනය කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතීව කටයුතු කළ බවට ඇමරිකාව චෝදනා කළා.

කෙසේ වෙතත් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus නිවේදනය කළේ මෙම ඉවත් වීම එක්සත් ජනපදයට සහ ලෝකයට දැඩි පාඩුවක් බවයි.

(colombotimes.lk)