ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (10) සිට 13වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
ඒ 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම වෙනුවෙන්.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති E Mohamed Bin Zayed Al Nahyanගේ ආරාධනාවක් මත ජනාධිපතිවරයා 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වන බවයි.
එම සංචාරයේදී ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් සමඟ සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා.
(colombotimes.lk)