09 February 2025


අනිද්දා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්



රුපියල් මිලියන 157,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (11) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එහිදී දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 27,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් සහ දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 55,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් එහිදී වෙන්දේසි කරන බවයි.

එමෙන්ම දින 364න් කල් පිරෙන රුපියල් මිලියන 75,000ක භාණ්ඩාගාර බිල්පත්ද එහිදී වෙන්දේසි කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.



(colombotimes.lk)