ඉදිරියේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
ඒ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සමඟ ඊයේ (08) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදීයි.
එහිදී ගුරු, විදුහල්පති සහ ගුරු උපදේශක සේවයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු රාශියක් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
මෙම සේවාවන්හි උසස්වීම්, වැටුප් විෂමතා, වෘත්තීය ගැටලු, ගුරු විදුහල්පති සේවයේ ස්ථාන මාරුවීම් නිසි පරිදි සිදු කිරීම පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම හා මුදල් එකතු කිරීම, ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩුවලට බඳවා ගැනීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් හා පිරිවෙන් පද්ධතියේ පවතින ගැටලු සහගත තත්වයන් විසඳාගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)