10 February 2025


BIMSTEC සංවිධානයේ මහලේකම් අගමැතිනිය හමුවෙයි



BIMSTEC සංවිධානයේ මහලේකම් සහ තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වී තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

එහිදී BIMSTEC තුළ කලාපීය සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ දායකත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.  

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකර ඇති සෞඛ්‍ය සේවාවන්, මානව සම්පත් සංවර්ධනය සහ ඩිජිටල්කරණය ඇතුළු සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහිද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

 (colombotimes.lk)