පෙබරවාරි මාසයට අදාළ ගෑස් මිල සංශෝධනය සඳහා මෙතෙක් මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී නොමැති බව ලිට්‍රෝ සමාගම පවසනවා.
ගෑස් මිල සංශෝධනයට අදාළ නිර්දේශ මෙම මස මුල් සතියේ අනුමැතිය සඳහා මුදල් අමාත්‍යාංශය වෙත ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් අනුව සෑම මසකම 4වනදා මෙරට ගෑස් මිල සංශෝධනය සිදුකරනු ලබනවා.
ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය සඳහන් කළේ පෙබරවාරි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකරන බවයි.
(colombotimes.lk)