colombotimes.lk
සිංහල | English

02 May 2024

විමල් වීරවංශ අධිකරණය හමුවට යයි



පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (21) අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබුණා.

ඒ පසුගිය 19 වනදා විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කිරීම හේතුවෙන්.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් පැවැත් වූ උද්ඝෝෂණයට අදාළවම මෙලෙස අධිකරණයට කැඳවා තිබුණා.
(colombotimes.lk)