නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ විද්‍යුත් දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
විද්‍යුත් දුම්වැටි 262ක තොගයක් මෙරටට නීතිවිරෝධීව ගෙනවිත් කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත් කරගෙන යමින් සිටියදී ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරික කාන්තාවක් බවයි වාර්තා වන්නේ.
මේ වන විට ඇය පොලිස් ඇප මත මුදා හැර ඇති අතර එළඹෙන 07වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)