15 July 2025

logo

ව්‍යාජ මුදල් නෝට්‌ටු සමඟ කතක් කොටුවෙයි



ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු 10ක් සමඟ සැකකාරිනියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මොරටුව පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින්. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවරුදු 52ක් වන මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

සැකකාරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව තවත් ව්‍යාජ මුදල් නෝට්ටු රැසක් සහ එම මුදල් නෝට්ටු මුද්‍රණයට ගත් මුද්‍රණ යන්ත්‍රයක්ද සොයාගෙන තිබෙනවා.

(colombotimes.lk)