තම හැට්ටයේ පණ ඇති සර්පයන් 5 දෙනෙකු සඟවා ගනිමින් විදෙස්ගත වීමට ගිය කාන්තාවක් ශෙන්සෙන් රේගු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ චීනයේ ගුවාන්ග් ඩොන්ග් පළාතේ ෆූෂියාන් වරායෙන් හොංකොං නගරය බලා පිටත් වීමට උත්සාහ කිරීමේදීයී.
අමුතු ශරීර හැඩයක් ඇති සංචාරක කාන්තාවක් ෆූෂියාන් වරායේ පිවිසුම් දොරටුවෙන් ඇතුළු වන ආකාරය රේගු නිලධාරීන් විසින් නිරීක්ෂණය කර තිබුණා.
ඒ හේතුවෙන් රේගු නිලධාරීන් මෙම කාන්තාව පරික්ෂා කර ඇති අතර එහිදී කාන්තාව සිය පපු ප්‍රදේශයේ සඟවාගෙන සිටි පණ ඇති සර්පයන් 5 දෙනෙකු සොයාගෙන තිබෙනවා.
කාන්තාවගේ අනන්‍යතාව ප්‍රසිද්ධියට පත් කර නැතත් ඇයට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවයි රේගු නිලධාරීන් පවසා ඇත්තේ.
එසේම සර්පයින් පස් දෙනා අදාල බලධාරීන් වෙත භාර දීමටද රේගු නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk) Global Times ප්‍රවෘත්ති ඇසුරිණි