30 May 2026

logo

විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට



විදුලිසැර වැදීමෙන් ඊයේ (28) සවස කාන්තාවක් මියගොස් තිබෙනවා.

ඒ තලාතුඔය ඉඹුලේතැන්න ප්‍රදේශයේදීයි.

මියගිය කාන්තාව වයස අවුරුදු 83ක් වන ඉඹුලේතැන්න ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

පොලීසිය සඳහන් කළේ නිවසේ රූපවාහිනී ඇන්ටනාවකට ඇද තිබූ විදුලි රැහැනක් පෑගීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි. 

(colombotimes.lk)