30 May 2026

logo

විදුලි සැර වැදී කාන්තාවක් ජීවිතක්ෂයට



විදුලි සැර වැදී කාන්තාවක් මියගොස් තිබෙනවා.

ඒ ඌරගස්මංහන්දිය රකිනාකන්ද ප්‍රදේශයේයි.  

දිවයින පුරා පවතින අධික වර්ෂාපතනයත් සමඟ ඇති වූ සුළං සමඟ ගසක් කඩා වැටීම හේතුවෙන් බිම පතිත වී තිබූ විදුලි රැහැනක පැටලීමෙන් මෙලෙස විදුලි සැරවැදී තිබෙන බව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. 

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 74ක් වූ රකිනාකන්ද, ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.

(colombotimes.lk)