14 October 2025

logo

දුම්රියක ගැටීමෙන් කාන්තාවකට බරපතල තුවාල



බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ එන්ජිමේ ගැටී කාන්තාවක් අද (28) අනතුරට ලක්වී තිබෙනවා.

ඒ හැටන් දුම්රිය ස්ථානයට ආසන්නයේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදීයි.

අදාළ කාන්තාව දුම්රියේ එන්ජිමේ ගැටී එන්ජිම තුළ සිරවී ඇති අතර අනතුර සිදුවූ ස්ථානයේ සිටි පිරිසක් විසින් එම කාන්තාව එන්ජිම තුළින් ඉවතට ගෙන දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

(colombotimes.lk)