colombotimes.lk
සිංහල | English

08 September 2024


Women’s T20 Asia Cup| Semi Final යෑමේ බලාපොරොත්තුවෙන් පිටියට එන සිංහ ධේනුවන්



2024 කාන්තා ආසියානු ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මූලික වටයේ අවසන් තරගය අද (24) තායිලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.

එම තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර තරගාවලියේ තවත් තරගයක් අද දහවල් 2.00ට බංගලාදේශ කණ්ඩායම සහ මැලේසියා කණ්ඩායම අතර පැවැත්වෙනවා.

එම තරගය මැලේසියා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකා කණ්ඩායම තායිලන්ත කණ්ඩායම හමුවේ පරාජයට පත් වීමට සිදු වුවත් අනිවාර්යෙන්ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.

කාණ්ඩ 2ක් යටතේ පැවති මූලික වටයේ පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් මේ වන විට තීරණය වී අවසන්.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා තිබෙනවා.

මේ වන විට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන පහතින්,



(colombotimes.lk)