07 July 2025

logo

Women’s T20 Asia Cup | සිංහ ධේනුවන් හමුවේ මැලේසියාවට අන්ත පරාජයක්



2024 කාන්තා ආසියානු ක්‍රිකට් තරගාවලියේ මැලේසියා කාන්තා කණ්ඩායමට එරෙහිව අද (22) පැවති තරගය ලකුණු 144කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 184ක් රැස් කළා.

එහිදී කාන්තා ආසියානු කුසලනයක ක්‍රීඩිකාවක් වාර්තා කළ පළමු ශතකය වාර්තා කරමින් Chamari Athapaththu ලකුණු 119ක් රැස් කර ගැනීමට සමත් වුණා.

ලකුණු 185ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය මැලේසියා කාන්තා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගැනීමට හැකි වුණේ ලකුණු 40ක් පමණයි.

ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 144ක දැවැන්ත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ B කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගත්තා.

 
(colombotimes.lk)