colombotimes.lk
සිංහල | English

30 June 2024

T20 World Cup 2024 | ඉන්දියාව අවසන් ගැටුමට



2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
 
ඒ ඊයේ (27) පැවති අවසන් පූර්ව තරගයෙන් එංගලන්ත කණ්ඩායම ලකුණු 168කින් පරාජය කිරීමත් සමඟයි.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් ලබා ගැනීමට සමත් වුණා.

ලකුණු 172ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 04ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වුණේ ලකුණු 103ක් පමණයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ සියලුම තරග ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයක්.
(colombotimes.lk)