18 October 2025

logo

2050 දී සිටින ලෝක ජනගහනය ඇස්තමේන්තු කරයි



එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද ලෝක ජනගහන දිනය අදට (11) යෙදී තිබෙනවා.

මේ හරහා පරිසරය හා මානව සංවර්ධනය සමඟ ඇති සබඳතා ඇතුළුව ජනගහන ගැටලු වල වැදගත්කම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇති. 

ඒ අනුව පසුගිය වසරේ සිට අද දක්වා ලෝක ජනගහනය සම්බන්ධයෙන් විශේෂ සිදුවීම් දෙකක් වාර්තා වුණා.

ඉන් පළමු වැන්න 2022 නොවැම්බර් මාසයේදී ගෝලීය ජනගහනය නිල වශයෙන් බිලියන අටක් බවට පත්වීමයි.

දෙවනුව, පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දියාව චීනය අභිබවා ලොව ජනාකීර්ණම රට බවට පත් වුණා.

එක්සත් ජාතීන්ගේ ජනගහන ඇස්තමේන්තුවලට අනුව, 2050 වන විට ලෝක ජනගහනය බිලියන 9.7ක් වනු ඇති බව උපකල්පනය කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව සහ චීනයෙන් පසුව, නයිජීරියාව ලෝකයේ තුන්වන වැඩිම ජනගහනය සහිත රාජ්‍යය බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එම අනුපිළිවෙලින් එක්සත් ජනපදය, පකිස්ථානය, ඉන්දුනීසියාව, බ්‍රසීලය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ඉතියෝපියාව සහ බංග්ලාදේශය ජනගහනය වැඩිම රටවල් අතර පෙරමුණට පැමිණෙන බව සඳහන්.
(colombotimes.lk)