08 January 2026

logo

ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ දැවැන්ත වෙනසක්



නවතම ICC ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය දක්වා පසුබැසීමට ඉන්දීය කණ්ඩායමට සිදු වී තිබෙනවා.

ඒ ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවන ටෙස්ට් තරගය පරාජයට පත්වීමත් සමඟයි.

මීට පෙර ඉන්දීය කණ්ඩායම මෙම ප්‍රසාද ලකුණ සටහනේ පළමු ස්ථානය හිමි කරගෙන සිටියා.

මේ අතර නවතම ICC ලෝක් ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිකර ගැනීමට ඕස්ට්‍රේලිය කණ්ඩායම සමත් වුණා.

දකුණු අප්‍රිකා කණ්ඩාය මෙම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ එහි සිව්වන ස්ථානයේයි.

නවතම ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහන පහතින්,



(colombotimes.lk)