ලෝක සංචාරක දිනය නිමිත්තෙන් නානුඔය දුම්රිය ස්ථානයේදී සංචාරක දිනය සැමරීමේ උත්සවයක් එම දුම්රිය පරිශ්‍රයේදී අද (27) සිදු කර තිබෙනවා.
නානුඔය දුම්රිය ස්ථානයේ සංචාරක රියදුරන්ගේ සංගමය සහ සංචාරක ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය එක්ව නානුඔය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කාර්යමණ්ඩලයේ සහයෝගය ඇතිව නානුඔය දුම්රිය ස්ථානයට ගමන් ගන්නා විදේශීය සංචාරකයන් සහ නානුඔය දුම්රිය ස්ථානයට මගී ප්‍රවාහන දුම්රියන්වලින් පැමිණි විදේශීය සංචාරකයන්ට මල් මාලා පළඳවා ඔවුන්ව පිළිගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
නානුඔය දුම්රිය ස්ථානයේදී දේශීය සංස්කෘතිය විදහා දැක්වෙන සංස්කෘතිකාංග ගණනාවක්ද පාසල් ළමුන් විසින් විදේශිකයන් හමුවේ ඉදිරිපත් කර තිබෙනවා.
ලෝක සංචාරක දිනයේදී මෙරටට පැමිණි තමන්ව පිළිගැනීම සම්බන්ධයෙන් විදේශික සංචාරකයන් සිය සතුට පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)