01 March 2025


යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දමයි



යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එම වනෝද්‍යානය භාර මනෝජ් විද්‍යාරත්න ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ පවතින වැසි තත්ත්වය පහව යනතුරු එය වසා දැමීමට තීරණය කළ බවයි.

පසුගිය දින 02ක තුළ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් යාල වනෝද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත් වනෝද්‍යානය  තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් කඩාගෙන ගොස් ඇති බවත් ඔහු සඳහන් කළා.

මේ හේතුවෙන් වන සතුන්ගේ ආරක්ෂාව මෙන්ම සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අද (01) සිට වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය වසා දැමීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව යාල කලාප අංක 1ට අදාළ කටගමුව හා පලටුපාන පිවිසුම් දොරටු වසාදමා තිබෙනවා.

(colombotimes.lk)