15 January 2026

logo

කහ පාට වෑන් ගාස්තු අඩු නොවන ලකුණු



ඉන්ධන මිල අඩු වුවද පාසල් සිසුන් ප්‍රවාහන රථ ගාස්තුව අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා පාසල් සිසුන් ප්‍රවාහන සංගමය පවසනවා.

සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය කාලය තුළ ඉන්ධන මිල වැඩි වූ අවස්ථාවන්වලදී ඊට අදාළ ගාස්තු වැඩි කිරීමක් සිදු නොකළ බැවින් දැන් එසේ අඩු කිරීමටද නොහැකි බවයි.

කෙසේවෙතත් ඩීසල් මිල රුපියල් 250 දක්වා අඩු වුවහොත් අය කරන මුදල්වලින් රුපියල් පන්සියයක්, අටසීයක් අතර මුදලක් අඩු කිරීමේ හැකියාවක් ඇති බවයි සමස්ත ලංකා පාසල් සිසුන් ප්‍රවාහන සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

(colombotimes.lk)