30 May 2026

logo

යෝෂිතගේ නඩුව කල්යයි



යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව ජූනි මස 10වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

ඒ මෙම නඩුව අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනාවලට සමගාමී තවත් නඩුවක් අංක 08 මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන බව සඳහන් කළා. 

(colombotimes.lk)