colombotimes.lk
සිංහල | English

18 October 2024


ZIM Vs IND | ලෝක ශූරයන්ට කලින්ම තරගාවලි ජය



සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද (13) පැවති 4වන T20 තරගය කඩුලු 10කින් ජයග්‍රහණය කිරීමට ලෝක ශූර ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 152ක් රැස් කරගත්තා.

එහිදී සිම්බාබ්වේ නායක Sikandar Raza ලකුණු 46ක් සහ Tadiwanashe Marumani ලකුණු 32ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 2ක් තුළ කිසිවෙකු නොදැවී තරගයේ ජය හිමි කරගත්තා.

Yashasvi Jaiswal ලකුණු 93ක් සහ Shubman Gill ලකුණු 58ක් රැස් කළා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත තරගාවලිය එක් තරගයක් ඉතුරුව තිබියදීම තරග 3 - 1ක් ලෙස ඉන්දීය කණ්ඩායම ජයගත්තා.

(colombotimes.lk)