Meta ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg විසින් ChatGPT සමඟ තරග කිරීම සඳහා කෘතිම බුද්ධි පද්ධතියක් ගොඩනගා තිබෙනවා.
එය මීළඟ පරම්පරාවේ කෘතීම බුද්ධි භාෂා ආකෘතියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම පද්ධතිය හඳුන්වා දීම සඳහා මයික්‍රොසොෆ්ට් ආයතනයේ සහය ලබාගන්නා බවද Zuckerberg පැවසුවා.
එම කෘතීම බුද්ධි භාෂා ආකෘතිය Llama 2 ලෙස නම් කර තිබෙනවා.
මීට අමතරව Elon Musk විසින් ද ChatGPT පසුගියදා අභියෝගයට ලක්කර තිබුණා.
එහිදී ඔහු සඳහන් කළේ, 'විශ්වයේ සැබෑ ස්වභාවය අවබෝධ කර ගැනීම' ඉලක්ක කර ගනිමින් Chatbot එකක් xAI නමින් නිර්මාණය කර බවයි.
(colombotimes.lk)