05 October 2025

logo

සමනල රක්ෂිතයේ අක්කර 30ක් විනාශ වෙයි



සමනල ස්වාභාවික රක්ෂිතයේ හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා.

හැටන් වන අඩවි ආරක්ෂක වි. ජේ.රුක්ෂාන් සඳහන් කළේ රක්ෂිතයේ හටගත් ගින්නෙන් අක්කර 30කට ආසන්න භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි.

නල්ලතන්නිය වාලමලෙයි වතුයාය ආසන්නයෙන් පසුගිය 23වනදා හටගත් ගින්න ප්‍රදේශයේ පවතින අධික වියළි කාලගුණයත් සමඟ සීඝ්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර ගොස් තිබෙනවා.

අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානයක සහයෙන් මවුස්සාකැලේ ජලාශයෙන් ජලය රැගෙනවිත් ජලය ඉසීමෙන් ගින්න පාලනය කළ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)