15 June 2026

logo

ට්‍රම්ප්ගේ අවසන් නිවේදනයේ කොටසක් හමාස් පිළිගනියි



ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට අවසන් නිවේදනය නිකුත් කිරීමෙන් පසු ගාසා තීරය සඳහා ඇමරිකානු සාම සැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය එකඟ වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව ගාසා තීරයට බෝම්බ හෙලීම නවත්වන ලෙස ට්‍රම්ප් ඊශ්‍රායලයට නියෝග කර ඇති බවයි. 

සාමය සඳහා වූ 'ට්‍රම්ප්ගේ සැලැස්ම' වෙනුවෙන් තම රට එක්සත් ජනපදය සමඟ කටයුතු කරන බව ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය කෙටි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

(colombotimes.lk)