ඇමරිකාවේ බටහිර වෙරළ තීරයේ විශාලම තෙල් පිරිපහදුවක් වන ලොස් ඇන්ජලීස්හී චෙව්රොන් පිරිපහදුවේ දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තෙල් පිරිපහදුවේ ගිනිදැල් සැතපුම් ගණනක් දුරින් ඉහළ අහසේ දර්ශනය වූ බවයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පිපිරීමක් පිළිබඳ වාර්තාවීමත් සමඟ ගිනිනිවන භටයන් පිරිපහදුවට කඩිනමින් පැමිණ ගිනි නිවීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.
(colombotimes.lk)