දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් ජන ජීවිතයට දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබෙනවා.
වැසි සමඟ හැමූ තද සුළං හේතුවෙන් ප්‍රදේශ රැසක නිවාසවලට දැඩි ලෙස හානි සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මැටියගනේ බටහිර, අතුරුවල, කුඩගම්මන, දැලිකනුඅංග, මාරවිට, සිරිගල, පුස්කොලදෙනිය, දඹදෙනිය දකුණ යන ප්‍රදේශවල වෙසෙන පුද්ගලයන්ගේ නිවාසවලට ගස් කඩා වැටීමෙන් දැඩි ලෙස හානි සිදු වී තිබෙනවා.
එලෙස සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් 03දෙනෙක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.