05 October 2025

logo

රිය අනතුරකින් අඹු සැමි යුවළකට දිවි අහිමි වෙයි



මොරගහහේන දෙස සිට හොරණ දෙසට ගමන් කළ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් අද (04) අනතුරක් සිදු වී තිබෙනවා. 

ඒ හොරණ මොරගහහේන මාර්ගයේ, මොරගහහේන කනන්විල ප්‍රදේශයේදීයි.   

එම රිය අනතුරින් අඹු සැමි යුවළක් මියගොස් තිබෙනවා. 

අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ලිස්සා ගොස් අනෙක් මංතීරුවේ ධාවනය වූ ලොරි රථයේ ගැටී මෙම අනතුර සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඉන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ අඹුසැමි යුවළ රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බව පොලීසිය සඳහන් කළා. 

(colombotimes.lk)