05 October 2025

logo

ජර්මනියේ මියුනිච් ගුවන්තොටුපළ වැසෙයි



ජර්මනියේ මියුනිච් ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු නතර කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ ගුවන්තොටුපළ කලාපය ආසන්නයෙන් ඩ්‍රෝන යානා නිරීක්ෂණය වීම හමුවේ මෙලෙස ගුවන් මෙහෙයුම් කටයුතු නතර කළ බවයි. 

ගුවන්ගමන් වාර 17ක් පමණ නතර කර ඇති අතර තවත් ගුවන් ගමන් 15ක් හරවා යවා තිබෙනවා. 

මේ හේතුවෙන් මගීන් 3,000කට පමණ බලපෑම් එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

අදාළ ඩ්‍රෝන යානා පිළිබඳව මෙතෙක් තහවුරුවීමක් සිදුවී නොමැති අතර හඳුනා නොගත් ඩ්‍රෝන යානා හේතුවෙන් පසුගිය සති කිහිපයේම යුරෝපය පුරා ගුවන්තොටුපළවල් කිහිපයක් වසා දමා තිබෙනවා. 

(colombotimes.lk)