අවුරුදු 18ට වැඩි පිරිමි ජනගහනයෙන් 35%ක් මද්‍යසාර භාවිත කරන බවත්, දුප්පත් පවුල්වල ආදායමෙන් තුනෙන් එකක් පමණ අරක්කු, බියර්, කසිප්පුවලට වියදම් කරන බවත් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වාර්තා කරනවා.
ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මද්‍යසාර පරිභෝජනය ලීටර් 4.3ක් බවත්, මද්‍යසාර භාවිත කරන පිරිසේ ඒක පුද්ගල මද්‍යසාර පරිභෝජනය ලීටර් 18.9ක් බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ.
වැඩිම දෙනකු භාවිත කරන මද්‍යසාර වර්ගය අරක්කු වන අතර බියර් දෙවැනි තැන ගන්නා බවද කසිප්පු භාවිතය මද්‍යසාර භාවිතා කරන අයගෙන් 10%ට වඩා වැඩි නොවන බවද එම මධ්‍යස්ථානය සඳහන් කළා.
රටේ ආදායම වැඩි කිරීමට නම් මද්‍යසාර බඳු වැඩි කළ යුතු බවත් ඉන් ජන ජීවිතය ඉහළට ඔසවා තැබිය හැකි බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරනවා.
නීති විරෝධි මද්‍යසාර වැඩි වීමෙන් රජයට බදු නොලැබෙන බව පවසමින් මද්‍යසාරවල මිල පහත දැමීමට හා අලෙවිසල් වැඩි කරගැනීමට සිදු කරන විද්‍යාත්මක නොවන තර්කවලට නොරැවටිය යුතු බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
නීති විරෝධි මද්‍යසාර අවම කළ යුතු අතර ඒ සඳහා ඇති ආයතන ශක්තිමත් කිරීමට ක්‍රියාත්මක විය යුතු බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)